රටේ සංවර්ධනය සඳහා වූ ගමන් මාර්ගය වඩා ශක්තිමත් කිරීමෙහිලා නව සංවර්ධන සහකරුවන් ආකර්ශනය කරගැනීම හා පවත්නා සංවර්ධන සහකරුවන්ගේ සංඛ්‍යාව පුළුල් කිරීම අවශ්‍ය වී ඇත.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ, තුර්කියේ අපනයන ණය බැංකුව විසින් ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය අරමුදල් සැපයීමට එකඟ වී ඇත.
ඒ අනුව අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය ලැබී තිබේ.