මේ ලෝකය වඩා හොඳ හා සාමකාමී තැනක් බවට පත් කිරීමේ පාප් වහන්සේගේ වෑයම හා මේ ලෝකයේ මිනිසුන් වෙනුවෙන් එතුමන් සිදු කරන ඉමහත් සේවාව අඛණ්ඩව කරගෙන යාම සඳහා ශුද්ධෝත්තම පාප් වහන්සේට යහපත් සෞඛ්‍ය හා දීර්ඝ ජීවිතය ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිවරයා ශුද්ධෝත්තම පාප්වහන්සේ වෙනුවෙන් එම සුබ පැතුම් පණිවිඩය නිකුත් කර ඇත.
එම සුභ පැතුම් පණිවුඩය පහත පරිදි වේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්ස,
අදට යෙදි තිබෙන ඔබවහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් මගේ ගෞරවනීය සහ අවංකත උණුසුම් සුභ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.
මා පසුගිය දා කළ වතිකානු සංචාරයේ දී ඔබවහන්සේ මුණගැසි සාමය සහ සංහිදියාවට අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට ලැබිම සම්බන්ධයෙන් සතුටු වන්නෙමි.
ලොව පුරා සහයෝගය සහ සංවාදය ගොඩනැගීමේ කාර්යභාරයට ඔබවහන්සේ දෙන සදාචාරාත්මක නායකත්වය පිළිබඳවත් ගෝලීය ප්‍රශ්න ගැන ඔබවහන්සේගේ දැඩි උනන්දුවත් අපි අතිශය අගය කරන්නෙමු.
ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව සහ සාමය සඳහා අප දරන ප්රයත්නයට ඔබ වහන්සේගේ ආශිර්වාදය ඉමහත් ධෛර්යක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
මෛත්‍රිපාල සිරිසේන,
ජනාධිපති