පිළියන්දල මහරගම මාර්ගයේ වාහන ගමනා ගමනය කිරීමට නොහැකි තත්ත්වයකට අබලන්වී ඇති බැවින් මාර්ගය කාපට් යොදා පිළිසකර කිරීම සිදු වේ.
ඒ බැවින් එම මාර්ගයේ රාත්රී කාලයේ ගමන් ගන්නා මහජනතාවට සහ රියදුරන්ට පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කළ හැකිය.
ඒ අනුව කොළඹ හොරණ ප්රධාන මාර්ගයේ කටුවාවල හන්දියෙන් හැරී මහරගම පිළිකා රෝහල ඔස්සේ මහරගම දෙසට ගමන් කළ හැකි අතර එසේම පිළියන්දල කොට්ටාව 255 බස් මාර්ගයේ කොට්ටාව හන්දියෙන් මහරගම දෙසටත්, පිළියන්දල කොට්ටාව මාර්ගයේ දිගන හන්දියෙන් හැරී එම මාර්ගයේ මොරකැටිය හන්දිය දක්වා මාර්ගයෙන් හයිලෙවෙල් මාර්ගයට පිවිසීමට ද හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.