මානව හිමිකම් ප්‍රඥප්තියට අදාළව සම්මත කරගත් සම්මුතීන් දෙකක් වන ආර්ථික, සමාජීය හා සංස්කෘතික නිදහස පිළිබඳ සම්මුතිය මෙන්ම සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුතියට ද, අදට වසර 50 ක් සපිරෙයි.
මේ අතර ජගත් මානව හිමිකම් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා පෙන්වා දෙන්නේ, මූලික නිදහස හා සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යළි යළි ත් කැප විය යුතු බව ය.
ලොව පුරා මානව හිමිකම් ගැටලු පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් තත්වය වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණ වී ඇත.
නිදහසේ වේදිකාව සමඟ සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කරන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම අද (10) ප.ව. 3.00 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මනෝ ගනේෂන්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළුව පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්දු, බ්‍රිටෝ ප්‍රනාන්දු, සුදර්ශන ගුණවර්ධන, ජේ.සී. වැලිඅමුණ, ජයතිලක බණ්ඩාර, පිලිප් දිසානායක, ෆ්‍රෙඩී ගමගේ, හර්මන් කුමාර ආදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගීවීමට නියමිතය.