නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය කප්පාදු කර නැහැ - ජනමාධ්‍ය ඇමැති Featured

    දෙසැම්බර් 10, 2015

    ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය කිසිදු ආකාරයකින් කප්පාදු කර නැති බවත් මෙවර අයවැයෙන් පොහොර සහනාධාරය සඳහා ගිය වසර වඩා රුපියල් මිලියන 2500ක් වැඩියෙන් ලබා දී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    2015 වසරේ පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 35,000 වෙන් කළ අතර 2016 වසර සඳහා රුපියල් මිලියන 37,500 ලබාදී තිබේ.

     

    වස විෂ පොහොර භාවිතයේ විපාක මේ වන විට දක්නට ලැබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පොහොර සහනාධාරය කප්පාදු කර ඇති බව විපක්ෂ කණ්ඩායම ගෙන යනු ලබන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව ද අවධාරණය කළේය.

     

    පාර්ලිමේන්තුවේ අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ගොවියා අතට මුදල් යන ක්‍රමයක් මෙවර අයවැය තුළින් යෝජනා කර තිබෙන බවත් මෙම රජය විෂ රසායනික ද්‍රව්‍ය ගෙන්වීම නතර කිරීමට ද කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

     

    මෙම පොහොර සහනාධාරය තේ, පොල්, රබර් හා එළවළු සඳහා ද ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya