ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් Syed Shakeel Hussain මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර එම සාකච්ඡාව පැවැත්විණි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයේ දී දෙරට අතර ආර්ථික සංවර්ධන කටයුතුවලට අදාළ ද්වීපාර්ශ්වික සාකච්ඡාවලට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.
දෙරට අතර පවතින රාජතන්ත්‍රික සබඳතාවය තවදුරටත් පුළුල් කර ගැනීම පකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණයි.