අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර පසුගිය වසරේ මෙම කාලය වන විට නිල ඇඳුම් බෙදාදීම සිදු කර තිබෙන්නේ 35%ක් බව ද පෙන්වා දුන්නේය.
ඒ මහතා ප්‍රකාශ කළේ නිල ඇඳුම් මාෆියාවක් පැවති අතර ඔවුන්ගේ යටි අරමුණු වෙනුවෙන් නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරන බවයි.
දසදහසක් පමණ වන රජයේ පාසල් පද්ධතියේ සිසුන් 500කට අඩු පාසල් 7700ක් පැවතීම හේතුවෙන් වව්චර්පත් බෙදාදීමේ දී එම පාසල්වල කටයුතු අපහසුතායකින් තොරව සිදු කිරීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම සිසුන් 500-750 අතර පාසල් 861ක්, සිසුන් 750-1000ත් අතර පාසල් 492ක්, සිසුන් 1000ට වැඩි පාසල් 946ක් වශයෙන් පවතී.
එසේම විදුහල්ති හෝ විදුහල්පතිවරයා නම් කරන ගුරුවරුයෙකුට වව්චර් අත්සන් කිරීමට බලය පැවරිය හැකි වීම තුළින්ද වව්චර් අත්සන් කිරීමේ ද ගැටලු ඇති නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දෙසැම්බර් 01 වැනි දා වන විට අමාත්‍යාංශය මඟින් නිල ඇඳුම් වව්චර්පත් පාසල්වලට ලබාදී අවසන් කළ බව ද සඳහන් කළේය.
6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් අතට එම වව්චර්පත් ලබාදීම හේතුවෙන් එහිදී දෙමාපියන්ගේ මැදිහත් වීමට නොවූ අතර 1-5 දක්වා සිසුන්ගේ දෙමාපියන්ට දරුවාගේ ප්‍රගතිවාර්තාව ලබා ගැනීමට පැමිණෙන අවස්ථාවේ මෙම වව්චර්ය ලබාදීමට කටයුතු කළ බැවින් අමතර කාලයක් ඒ සඳහා වෙන් කිරීමට අවශ්‍ය නොවූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ පළමු අවස්ථාවේ සුළු සුළු අඩුපාඩු සිදු වුවත් ලබන වසරේ එවැනි අඩුපාඩු වළක්වා ගනිමින් වසර අවසන්වීමට මාස 3කට පෙර මෙම වව්චර් බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට කටයුතු කළ අධ්‍යාපන පළාත්, කලාප, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්ට, විදුහල්පතිවරුන් ,ගුරුවරුන්ට ඇතුළු සියලු නිලධාරීන් ද අමාත්‍යවරයා ස්තූතිය පල කර සිටියේය.
kpm