නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. සා/පෙළ අද ඇරඹේ Featured

    දෙසැම්බර් 08, 2015

    ඉතිහාසයේ වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටින 2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (08) ආරම්භ වන අතර ලබන 17 වැනි දා දක්වා මෙම විභාගය පැවැත් වේ.

    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4,670 කදී විභාගය පැවැත්වෙන අතර මෙවර අයදුම්කරුවන් 664,715 දෙනෙකු විභාගයට පෙනී සිටිමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. ඉන් පාසල් අයදුම්කරුවන් 403444ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 261271ක් වේ.

    දිනපතා පෙරවරු 08.30 ට විභාගය ආරම්භ වන බැවින් පෙරවරු 08.00 පෙර අයදුම්කරුවන් විභාග ශාලාවට පැමිණිය යුතු බව ඒ මහතා සඳහන් කරයි. විභාග ප්‍රවේශ පත්‍ර‍ හා ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍ර‍ය රැගෙන ඒම අනිවාර්ය වේ. විභාගයට පැමිණීමට පෙර කල් වේලා ඇතිව විභාග ප්‍රවේශ පත්‍ර‍ය හොඳින් කියවා පරීක්ෂා කර බලා තමන් ඉල්ලුම් කරන විෂයයන්, මාධ්‍යය සහ අත්සන සහතික කිරීම ආදී වැදගත් කරුණු පිළිබඳ හොඳින් පරීක්ෂා කරන ලෙස ද අයදුම්කරුවන්ගෙන් කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටි.

    එසේම විභාග අපේක්ෂකයින් විභාග ශාලාව තුළ ජංගම දූරකතන ළඟ තබා ගැනීම, සටහන් ළඟ තබා ගැනීම, පිළිතුරු ලබාදීම සඳහා උපකාර ලබා ගැනීම, උපකාර ලබා දීම සහ පිළිතුරු කොපි කිරීම, සපුරු තහනම් කර තිබෙන බව පෙන්වා දෙන විභාග කොමසාරිස් ජනරාල්වරයා එවැන්නක් සිදු වුවහොත් විභාග ප්‍ර‍තිඵල අවලංගු කිරීම සහ ඉදිරි විභාග සඳහා පෙනී සිටීම තහනම් කිරීම සිදු වනු ඇතැයි ද දන්වා සිටි.

    විභාග අක්‍රමිකතා සිදු වන්නේ නම් ඒ පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දූරකතන අංක වෙත යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

    විභාග දෙපාර්තමේන්ව - 1911,
    පොලිස් හදිසි ඇමතුම් අංකය - 119,

    පාසල් විභාග සංවිධාන ආයතනය - 0112 784 208, 0112 784 537, 0113 188 350, 0113 140 314
    පොලිස් මූලස්ථානය - 0112421111 යන දූරකතන ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya