නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ පැවැත්වෙන විභාග

    දෙසැම්බර් 07, 2015

    කැලණිය විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය - 2012/2013 (බාහිර) සහ ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි පරීක්ෂණය- 2012/2013 (බාහිර) 2015 දෙසැම්බර්/2016 ජනවාරී/පෙබරවාරී විභාගය දෙසැම්බර් 18 වැනි දින ආරම්භ වන ශ්‍රී ලංකා විභාග දෙපර්තමේන්තුව සඳහන් කරයි.

    එදින සිට දෙසැම්බර් 21,22,23,28,29,30,31 දිනවලදී මෙම විභාගය දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවැත් වේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ I ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය- 2015 විභාගය දෙසැම්බර් 19 වැනි දින කොළඹදී පමණක් පැවැත් වේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ II ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය- 2015 විභාගය දෙසැම්බර් 19 වැනි දින කොළඹදී පමණක් පැවැත් වේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්ලීය නොවන සේවා ගණයේ III ශ්‍රේණිය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2015 විභාගය දෙසැම්බර් 19 වන දින කොළඹදී පමණක් පැවැත් වේ.

    ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවක පුරප්පාඩු පිරවිඹ සඳහා පවත්වනු ලබන තරග විභාගය - 2014( 2015) විබාගය දෙසැම්බර් 19 සහ 20 දෙදින කොළඹදී පමණක් පැවැත් වේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya