නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඵලදායිතාවයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Featured

    දෙසැම්බර් 07, 2015

    2014 වර්ෂය වෙනුවෙන් පිරිනැමු ජාතික ඵලදායිතා සම්මානයෙහි රාජ්‍ය අංශයේ දෙපාර්තෙම්න්තු වර්ගීකරණය යටතේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

    මෙම ඵලදායිතා සම්මාන උළෙල රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතේ පවතින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන අතර වාර්ෂිකව පවත්වන මෙම තරගාවලිය සැලසුම් කිරීමේ අරමුණ වනුයේ වසර පුරාවට ඵලදායිතා සංකල්පය හා ඵලදායිතාවය කාර්යක්‍ෂම භාවිතය මගින් සාර්ථකත්වයට පත්වූ ආයතන සහ සමාගම් තෝරා ඇගයීමට ලක් කිරීමයි.

    මෙම ව්‍යායාමයේ ඉලක්කය වනුයේ ජනතාව වෙනුවෙන් කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් පිහිටුවීම සහ සමස්ත රටේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල, රත්මලාන මුලික කදවුරේ අංක බලඝණය සහ කටුනායක මුලික කදවුරේ ගුවන්යානා ඉංජිනේරු පක්‍ෂාංගය යන ස්ථානයන්හි මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණුවල පර්යේෂණ හා සංවර්ධන සහ සුභ සාධනය යන අංශයන්හි ඵලදායිතාවය ඇගයීම මගින් මෙම සම්මානය ප්‍රදානය කරන ලදි.

    අනුග්‍රහය: ගුවන් හමුදා මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya