නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය වැඩවර්ජනයෙන් රෝහල් සේවාවට බාධාවක් නැහැ- සෞඛ්‍ය ඇමැති

    දෙසැම්බර් 03, 2015

    රජයේ වෛද්‍යවරුන්ගේ සංගම්වල වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල සේවා කටයුතුවලට බලපෑමක් සිදු වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අද (03) සඳහන් කළේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ රජයේ විශේෂඥවරුන්ගේ සංගමය අද දින මෙම  වැඩවර්ජනයට එක් නොවන බව තමාට දැනුම් දුන් බවයි.

     

    යම් ඉල්ලීමක් තිබෙන්නේ නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකි බවත් ඕනෑම අවස්ථාවක තමා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya