මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග රිය අනතුරු ඉහළයාම වළක්වාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව වැඩපිළිවෙලක් Featured

    නොවැම්බර් 22, 2015

    ශ්‍රී ලංකාව තුළ මාර්ග රිය අනතුරු ඉහළයාම රටට විශාල අහිතකර අභියෝගයක් බැවින් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය ජේකබ් කුමරාසන් මහතා සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා අතර පසුගිය සිකුරාදා (20) ලෝක සෞඛ්‍ය සංවිධාන ශ්‍රී ලංකා කාර්යාලයේ දී පැවැත්වුණි.

    පසුගිය වසර 10ක කාලය තුළ මාර්ග රිය අනතුරු හේතුවෙන් මිය ගිය පුද්ගලයන් පිළිබඳ, සංඛ්‍යා ලේඛන පරික්ෂා කිරීමේ දී, මාර්ග රිය අනතුරු හේතුවෙන් මිය ගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2010 වර්ෂයේ දී වන අතර එය 2,721ක් වේ. නමුත් 2015 ඔක්තෝබර් 31වන දින වනවිට මාර්ග රිය අනතුරු හේතුවෙන් මිය ගිය ගණන 2,363ක් වේ.

     

    මාර්ග රිය අනතුරු සීඝ්‍ර ලෙස ඉහළයාම වළක්වාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකස් කරන බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මෙහිදී පැවසීය.

     

    ඒ අනුව, ඉදිරි වසර තුළ දී ක්‍රියාත්මක වන පරිදි ශ්‍රි ලංකාවේ අනතුරු බහුලව සිදුවන මාර්ගයන් හි ඇති අඩුපාඩු සකසා එම අනතුරු අවම කිරීමේ විද්‍යානුකූල හා තාක්ෂණික ක්‍රමවේදයක් සැකසීමට ක්‍රියා කිරීමට සාකච්ඡා කෙරිණි.

     

    තවද, මාර්ග ආරක්ෂණ දශකයට සමඟාමීව (2011-2020) ඉදිරි වසර 05ට ක්‍රියාකාරී ජාතික සැලැස්මක් සැකසීම හා එහි වගකීස් අදාළ සියළුම රාජ්‍ය ආයතන වෙත බෙදා ගැනීමට කටයුතු සැලසුම් කෙරිණි.

     

    ත්‍රීරෝද රථ රියදුරන්ට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා අංග සම්පූර්ණ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථා සැලසීම හා එමඟින් ඔවුන්ගේ ආකල්ප ගුණාත්මක අයුරින් වර්ධනය කිරීම හා අගය එකතු කිරීම පිළිබඳව ද විශේෂයෙන් අවධානය යොමු කෙරිණි.

     

    මෙම අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ලේකම් නීතීඥ චතුර උමගිලිය මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී (ශ්‍රී ලංකා) වෛද්‍ය ලංකා ජයසූරීය දිසානායක මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂේත්‍ර වැඩසටහන් නිලධාරී (ශ්‍රී ලංකා) සුමුදු හේවාවසම් මහතා, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීහු කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya