මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 අයවැය මගින් ශ්‍රී ලංකාවට නව ආරම්භයක් - මුදල් අමාත්‍ය Featured

    නොවැම්බර් 20, 2015

    2016 වසර සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය ශ්‍රී ලංකාවට නව ආරම්භයක් ලබා දෙනු ඇති බවත්, එය මෙරට සංවර්ධන ගමනේ සන්ධිස්ථානයක් වනු ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සිට රටේ සියලු ජනතාවට එය පොදුවේ “අපේ අයවැය” ලෙස හැඳින්වීමට හැකි අයවැයක් වනු ඇති බවයි.

    අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 2016 අයවැය යෝජනාවලිය සකස් කරන අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා,


     
    “අපි මේ අලුතෙන් පටන් ගන්නෙ දැඩි අර්බුදයකට ලක් ව තිබූ ආර්ථිකයක්. මෙය යළි ගොඩනැගීම පහසු කාර්යයක් නොවෙයි. දින සියයේ දී ඒ අමාරු ආර්ථිකයත් කළමනාකරණය කරල තමයි ජනතාවට සහන ලබා දුන්නේ. දින සියයේ අයවැයෙන් ඔබ්බට ගිය, තව දුරටත් සංවර්ධනය සහ ජනතා සහන යන අංශ දෙක කෙරෙහිම අවධානය යොමු කළ අයවැයක් ලෙස තමයි අපි 2016 අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නෙ.  


    අයවැය කිවුවම සියලු ම ජනතාව කල්පනා කරන්නෙ තමන්ට ලැබෙන සහන මොනව ද කියලයි. අපි මෙවර අයවැයෙන් ජනතාවගේ ජීවන වියදම අඩු කරන ගමන් ම රටේ සංවර්ධනය ඉදිරියට රැගෙන යන්න අපේක්ෂා කරනවා. පැවැති පාලනයෙන් පීඩාවට පත් වූ මේ රටේ 75% ක් 80%ක් තරම් ජනතාවට සහන ලබා දීම තමයි අපේ ඉලක්කය.

     

    මෙවර අයවැය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ මහත් උනන්දුවක්. ඒකට හොඳම උදාහරණය තමයි අයවැය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස කළ ආරාධනයට ජනතාවගෙන් ලැබී ඇති ප්‍රතිචාර. යෝජනා 1285ක් අපට ලැබිල තිබෙනවා. මේක පසුගිය අයවැය යෝජනාවලිය වෙනුවෙන් ලැබුණු ජනතා යෝජනා සමග ගත්විට පස් ගුණයක පමණ වැඩිවීමක්.

     

    අනෙක් කාරණය වන්නේ ප්‍රාග්ධන මූලික අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා වන අපගේ අපේක්ෂාව. පුනරාවර්ථන වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීම ප්‍රධාන ඉලක්කයක්. ඒ ගමනේ දි ආදායම සොයා ගැනීම විවිධාකාරයෙන් සිදු කරනවා. පසුගිය කාල සීමාවේ දී පාලකයින්ගේ නොහැකියාව මත අත්හැර දමා තිබුණ ආදායම් මාර්ග කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේ ම ඒ ආදායම සොයා ගැනීමේ දී ජනතාවට බලපෑමක්  නොවන ආකාරයෙන් කටයුතු සිදු කරනවා. සමස්තයක් ලෙස ගතහොත් දේශීය ආර්ථිකය සවි ශක්තිමත් කරන, ජනතාවාදී අයවැයක් අපි ඉදිරිපත් කරනවා.

     

    මේක ආරම්භයක් පමණයි. අපි සියලු දෙනා රට ගොඩනගන්න කැප විය යුතුයි. මේ අයවැය රටට හොඳ අඩිතාලමක් සපයා දෙන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. ”  යැයි පැවැසීය.

     

    මේ අතර අයවැය යෝජනාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (18) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ මූල්‍ය කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ද එක් ව සිටියහ.

     

    2016 අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේ විවාදය 21 වැනිදා සිට දින 9ක කාලයක් පැවැත්වෙනු ඇති. දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 02 දා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

     

    අයවැය තුන්වැනි වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන්නේ දෙසැම්බර් මස 03 දායි. දින පහළොවක කාලයක් කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 19 දා පස්වරුවේ පැවැත්වෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya