මෙය දැනට රුපියල් හත් ලක්‍ෂ පනස් දහසක් (රු.750,000.00) වන අතර විදේශ රැකියා ලියාපදිංචි කිරීමේදී අය කරන මෙම තැන්පතුව දෙවසරකට වලංගු වන අතර, එය නැවත දීර්ඝ
කර ගත යුතුය.
මෙලෙස තැන්පතුව රුපියල් ලක්‍ෂ 20 දක්වා වැඩි කිරීමට පියවර ගනු ලබන්නේ විගමණික ශ‍්‍රමිකයින්ගේ යහපත උදෙසා බව පෙන්වා දෙන අමාත්‍යාවරිය එය කිසිවිටෙක රැකියා ඒජන්සි අකර්මන්‍ය කිරීමට නොවන අතර, එමඟින් වැඩි වගකීමක් ඒජන්සියට පැවරෙන බව ද සඳහන් කරයි.
ශ්‍රමිකයින්ගේ ආරක්‍ෂාවට යහපත් වන අතර, අනවශ්‍ය ගැටලු ඇතිවීම අවශ්‍ය වන බව
රැකියා ඒජන්සි ලියාපදිංචි කිරීමේදී ලබාගන්නා මෙම තැන්පතුව මඟින්, යම් ශ‍්‍රමිකයෙකුට එතෙරදී සිදුවන කරදරවලදී, රැකියා ඒජන්සිය සිය වගකීම පැහැර හැරියොත්, එවිට අදාළ වන්දි මුදල් මෙම තැන්පතුව මඟින් ලබාගෙන එම ශ‍්‍රමිකයාට ලබා දේ.
කිසියම් ඒජන්සි ආයතනයක් වසා දැමුව විට එම ඒජන්සිය මඟින් අවසන්වරට විදේශ රැකියා සඳහා ගිය ශ‍්‍රමිකයාගේ ගිවිසුම් කාලය අවසන් වන තෙක් එම තැන්පතුව ඒජන්සියට ලබාගැනීමට හැකියාවක් නැත.
මේ වන විට විදේශ රැකියා ඒජන්සි ආයතන 3,082ක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් කි‍්‍රයාත්මක තත්ත්වයේ 900ක් පමණ ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2015 වර්ෂයේදී ඒජන්සි ආයතන 153 විවිධ වැරදි නිසා අසාදු ලේඛන ගතකොට තිබෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.