නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා අපචාර සමාජ ප්‍රශ්නයට සැමගේ අවධානය අවශ්‍යයි

    නොවැම්බර් 18, 2015

    ළමා අපචාර සම්බන්ධයෙන් වාර්තා වන සංඛ්‍යා දත්තවලට වඩා වාර්තා නොවන සිද්ධීන් වැඩි වන බවත් මේ සමාජ ප්‍රශ්නය පිළිබඳ සියලු දෙනාගේ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානී සේනාරත්න මහත්මිය සඳහන් පැවසුවාය.

    ‘සතුට නිරෝගිකම සුරක්ෂිතභාවය සහ ආදරය ලැබීම සෑම දරුවෙකුගේම අයිතියයි‘ යන තේමාව යටතේ රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ කර ගනිමින් සාක්ෂි මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීමේ සංසදය ඊයේ (17) ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ පැවැත් විණි. එහිදී ලේකම්වරිය මේ බව සඳහන් කළාය.

    ග්‍රාමීය මට්ටමේ ආර්ථිකය ඉහළ නැංවිමේ කාන්තාව දිරිමත් කිරීම සඳහා කටයුතු කිරීම, වැන්දඹු ගෘහ මූලික කාන්තාවන් ශක්තිමත් කිරීම යන කරුණු මත ප්‍රතිපත්ති සකස් කිරීම මෙවැනි සංසදයක් තුළින් සිදු වන බව සේනාරත්න මහත්මිය පෙන්වා දුන්නාය.

    ළමයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ග්‍රාමීය මට්ටමේ සිට මනෝ විද්‍යාත්මක සේවය, කාන්තා නිලධාරීන්, පරිවාස හා ළමාරක්ෂ නිලධාරී, එසේම සෑම පොලිසීයමකම ළමා පොලිස් ඒකකයක් පිහිටු තිබෙන බව ද ලේකම්වරිය පැවසුවාය.

    පහළ සිට සිට ඉහළට තොරතුරු ලබා ගැනීම, සමස්ත දත්ත මත ලබා ගනු ලබන තීරණ තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා පදනම් සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යේෂ්ඨ උපදේශිකා ආචාර්ය සේපාලි සුදසිංහ මහත්මිය සඳහන් කළාය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්. තිලකසිරි මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya