අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම් පවුල්වලට අරාබි එමීර් රජයේ සහාය

    නොවැම්බර් 10, 2015

    අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට එක්සත් අරාබි එමීර් රජයේ සහාය හිමි වන බව කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල් හමීඩ් අල්- මුල්ලා මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී මේ සඳහා එකඟත්වයට පැමිණි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    සුළු කර්මාන්තකරුවන් දිරි ගැන්වීම සහ අවශ්‍ය යටිතල පහසුකම්, යන්ත්‍රරෝපකරණ ලබා ගැනීමට ඉදරියේදී ක්‍රියාත්මකවීමට අවශ්‍ය සාකච්ඡා පැවැත්වීමට ද දෙපාර්ශයම මෙහිදී එකඟත්වයට එළැඹ තිබේ.

    පාසල්වල පවතින අඩුපාඩු පිළිබඳ ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya