අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමි ආදාහන පූජෝත්සවය 12දා Featured

    නොවැම්බර් 09, 2015

    අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිත ලබන 12වෙනි බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේ අද (09) ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති නා හිමියන්ගේ අවසන් කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සකච්ඡාවට සහභාගී වෙමිනි.


     
    අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිත ලබන 12 ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එදින සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කිරීමට කටයුතු කරන ලෙස රජය ඉල්ලා සිටියි.

     

    එදින බස්නාහිර පළාතේ සියළුම පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට ද තීරණය කර තිබේ.

     

    එම මාධ්‍ය සකච්ඡාවට කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, මහාචාර්ය සරත් වීරසූරිය මහතා, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය සහ ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ.ඩබ්.ටී.එන්.අමරතුංග මහත්මිය ඇතුළු පිරිසක් සහාභාගී වූහ.

     

     


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya