විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ලබන සඳුදා (09) පැවැත්වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඇවන්ගාඩ් සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කෙරෙනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.