ඒ අනුව මෙවර අපේක්ෂකයන් 664, 537ක් විභාගයට ඉදිරිපත් වීමට නියමිතව ඇති අතර පසුගිය 2014 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව ඇත්තේ 570,409 දෙනෙකි. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අපේක්ෂකයන් 87,128ක වැඩිවිමක් පෙන්නුම් කෙරේ. මෙවර විභාගයට ඉදිරිපත් වන අයදුම්කරුවන් අතරින් 403,442 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර 260,895 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වෙති.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08දා ආරම්භ විමට නියමිතව තිබේ.
DB