මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2020 වනවිට පන්තියක සිසුන් 35 සීමාවට ගෙන ඒමට පියවර

    නොවැම්බර් 03, 2015

    වසර 2020 වනවිට පන්තියක සිටින දරුවන් සංඛ්‍යාව 35 සීමාවට ගෙන ඒමට දැනටමත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    කෙටි ක‍්‍රම මගින් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල පෙන්වා දේශපාලන වාසි ගැනීමේ සූදානමක් නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා නිවැරදි දැක්මක් ඇතිව වසර 25ක් 30ක් ඉදිරි අනාගතය දැක රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකරන බව ද පෙන්වා දුන්නේය.

    පාසලක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 2,000ක් 3,000ක් වැනි උපරිමයක පැවතීම වඩාත් යෝග්‍ය වන බව වයඹ රාජකීය විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ලෝකයේ දියුණු රටවල්වල අධ්‍යාපනයේ ස්වභාවයන් හඳුනාගනිමින්, නවීන ලෝකයට ගැළපෙන පරිදි පාසල් විෂය මාලා සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස මේ වනවිටත් ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ය.

    මෙම අවස්ථාවට වයඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිනී, ගුරුවරුන්, ආදිශිෂ්‍යයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya