2015 ජන්ද හිමි නාමලේඛනය මේ වන විට සියලු ම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති අතරම මැතිවරණ දෙපාර්තමේන්තුවේ www.slelections.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.
එලෙස ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත්ව නොමැති සියලු පුරවැසියන්ට නොවැ: 12දා දක්වා තමන්ගේ නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලා සිටිමින් හිමිකම් අයදුම්පතක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ හැකිය. මෙම ඉල්ලුම්පත් ඉහත වෙබ් අඩවියෙන් මෙන් ම සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල, ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ද ලබාගත හැකිය.
DB