නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය නෞකා ත්‍රිත්වයක අණදෙන නිලධාරීහු නාවික හමුදාපති හමුවෙයි

    ඔක්තෝබර් 28, 2015
    ඉන්දු - ලංකා නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ “කෝරා”, “කිර්පන්” හා “සාවිත්‍රි” යන නෞකාවන් හි අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් අශෝක් රාඕ, කොමාණ්ඩර් ඒබ්‍රහම් සැමුවෙල් සහ කොමාණ්ඩර් පර්ශාන්ට් නේගි ඊයේ (27) ත්‍රිකුණාමලය නාවික හමුදාපති නිල නිවසේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. 
     
    අණදෙන නිලධාරීන් හා නාවික හමුදාපතිතුමන් අතර හමුවේදී දෙරටේ නාවික හමුදාවන් සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳ ව මෙන් ම ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන ඒකාබද්ධ නාවික අභ්‍යාසය පිළිබඳ ව කරුණු සාකච්ජා කෙරිණි. 
     
    දෙරටේ නාවික හමුදාවන් අතර අන්තර් සබඳතාවයන් වර්ධනය කර ගැනීම මෙන් ම කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් දින 6ක් පුරා පැවැත්වෙන මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කළ ඇරයුම පිළිගැනීම පිළිබඳ ව නාවික හමුදාපතිතුමන් විසින් සිය ස්තූතිය ප්‍රකාශ කරන ලදී. 
     
    මෙහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය හා සුහදත්වය සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.  
     
    මෙම අවස්ථාවට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා ද සහභාගී වූහ.
     
    DB/ navy.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya