නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූ කම්පනයෙන් පීඩාවට පත් ඇෆ්ගනිස්ථානය වෙත රජය ශෝකය පළ කරයි Featured

    ඔක්තෝබර් 28, 2015

    පසුගියදා (26) ඇෆ්ගනිස්ථානයේ Hindukush කලාපයේ ඇති වූ ප්‍රබල භූ චලනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානය ප්‍රමුඛ ඉන්දියාවේ හා පකිස්තානයේ ද අහිමි වූ ජීවිත පිළිබඳ හා දේපළ හානිය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව සිය ශෝකය පළ කර සිටියි.

    මෙම භූ කම්පනය නිසා ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව සහ පකිස්තානය තුළ ජීවිත අහිමි වීමෙන් හා තුවාල සිදු වීමෙන් පීඩාවට පත් වූ සියලු දෙනාගේ පවුල් වෙත ශ්‍රී ලංකාව ශෝකය ප්‍රකාශ පළ කර සිටින අතර අප රජයේ සහයෝගය සෑම විටම එම රජයන් වෙත ලබා දීමට බලාපොරොත්තු වේ.

     

    ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රාර්ථනා හා යැදුම් එම පීඩාවට පත් වූ අය හා සමඟ බවත් ඔවුන් මුහුණ දෙමින් සිටින දුෂ්කර අවස්ථාව ජය ගැනීමට ශක්තිය හා ධෛර්යය ලබා දීම අපගේ බලාපොරොත්තුව වන බවත් එම පණිවිඩයේ සඳහන් වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya