දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 28,525 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.
හින්දු දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2014 (2015) විභාගය නොවැම්බර් 07 හා 14 දෙදින දිවයින පුරා ස්ථාපිත කෙරෙන මධ්‍යස්ථානවලදී පැවත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 2,140 දෙනෙකු පෙනී සිටිති.
හින්දු ධර්මාචාර්ය විභාගය - 2014 (2015) විභාගය නොවැම්බර් 22, 28, 29 තෙදින දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවත් වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 1,500ක් සුදුසුකම් ලබා සිටිති.
එසේම කතෝලික ධර්මාචාර්ය සහතිකපත්‍ර විභාගය - 2015 විභාගය නොවැම්බර් 22, 28, 29 තෙදින දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවත් වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 6,710ක් සුදුසුකම් ලබා සිටින බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.