පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් මාස දෙකකට වරක් අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැඳවීමට ජනාධිපතිතුමා කළ යෝජනාවට හා පාර්ලිමේන්තු කමිටු ප්‍රධානින් ද මාස දෙකකට වරක් අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැඳවීමට අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔවුන්ට තිබෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට ද අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.