එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය, ලෝක සාගර අපරාධ වැඩසටහන සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම සමුළුව සංවිධානය කර තිබෙන අතර ඔක්තෝබර් 13,14 සහ 15 යන තෙදින පුරා එය පැවැත්වෙයි.
ඉන්දියානු සාගර කලාපයේ රටවල් 20 කට අයත් ආයතන 07 ක ඉහළ නිලධාරින් 60 දෙනෙකු පමණ මීට සහභාගීවී සිටින අතර කලාපීය මත්ද්‍රව්‍ය නිවාරණ ආයතන අතර සහයෝගිතාවය වර්ධනය කිරීම, සාමුහිකව මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාමාර්ග ගැනීම හා මුහුදේදි සහ වරායවලදි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු කලමණාකරනය දියුණු කිරීම යන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සමුළුව තුළින් අපේක්ෂා කෙරේ.
සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වන කරුණු ඇතුළත් විශේෂ වාර්තාවක් මෙහිදී ලෝක සාගර අපරාධ වැඩසටහනේ ප‍්‍රධානී Alan Cole මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වන ලදී.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.