නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා රණවිරු නිවාස පළමු අදියරේ නිවාස හිමිකම් පිරිනැමේ

    ඔක්තෝබර් 14, 2015
    මානුෂික මෙහෙයුම්වලදී මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ මෙන් ම රණක්‍ෂිතයට පත් හිසට සෙවනක් අහිමි රණවිරුවන් වෙනුවෙන් වන නව නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදිකළ නිවාසවල හිමිකම ප්‍රදානය කිරීමේ උත්සවයආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    මෙහිදී රෙජිමේන්තු 18 විසින් ඉදිකරන ලද නිවාස 32ක හිමිකම් රණවිරු පවුල් වෙත පවරාදීම සිදුවිය.
     
    මේ අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ගුණවර්ධන මහත්මිය ඇතුළු ආරක්ෂක අමාත්‍යංශීය ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ලඟම සාමාජිකයන් සහ රණක්‍ෂිතයටපත් රණවිරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya