නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහේ ශිෂ්‍යත්වය ගැන ඉදිරියේදී තිරණයක් ගන්නවා- අධ්‍යාපන ඇමැති Featured

    සැප්තැම්බර් 25, 2015
    පහේ  ශිෂ්‍යත්ව විභාගය වැනි දරුවන් වෙනුවෙන් දෙමව්පියන් තරගකරන විභාග ඉදිරියේ දි පැවැත්වීම හෝ ඉහළ ශ්‍රේණියක දී ශිෂ්‍යත්වය පැවැත්වීම සුදුසු ද යන්න ගැඹුරින් සොයා බලන බවත්, ඒ ඒ විෂයන් අනුව ගුරුවරුන් පුහුණු කරමින් පාසල් පද්ධතියට අවශ්‍ය පුහුණු මානව සම්පත් ගොඩනගන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
    ඉතිහාසයේ පැවති පාසල් පරීක්ෂණ ක‍්‍රමය යලි අරඹන කරන බවත් එහිදී පාසල් පරීක්ෂකවරයා නවීන තාක්ෂණික මෙවලම් ද භාවිත කරමින් අදාළ කටයුත්ත පහසුවෙන් සිදුකරනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    අධ්‍යාපන පද්ධතියෙන් අප බිහිකළ යුත්තේ සමබර පෞර්ෂයකින් යුත් දරුවන් බවත් ඒ සඳහා ගුරුවරයාට සිසුන් කෙරෙහි වෙන් වෙන්ව අවධානය යොමුකරන්නට හැකිවන පදනම පාසල තුළ සකස් කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
    දළ දේශීය ආදායමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කිරීමේ ඉලක්කය තුළ ඉදිරියේ දී දේශීය අධ්‍යාපන පද්ධතියේ පැහැදිලි වෙනසක් පහසුවෙන් ම ඇති කළ හැකිවන බවත්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා හඳුනාගනිමින්, නිවැරදි කළමනාකරණයකින් යුතුව අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් පමණක් මුදල් වෙන් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 
    අමාත්‍යවරයා මේ බව පළ කළේ, 46 වැනි කන්නන්ගර ගුණ සමරුව නිමිත්තෙන් පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ අද (23) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි. 
    මීට අවුරුදු දශක කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙන විට එයට එදා බොහෝ දෙනා විරුද්ධ වූ බවත්, එහෙත් කන්නන්ගර අධ්‍යාපන ප‍්‍රතිපත්ති නිසා අපේ රටේ අනාගතයේ විශාල වෙනසක් ඇති වූ බවත් ඒ හේතුවෙන් දකුණු ආසියානු රටවල් අතර මානව සම්පත් දර්ශකයන්හි අපට ඉහළින්ම රැඳෙන්නට හැකි වූ බවත්,  අමාත්‍යවරයා සඳහන් කළේ ය. 
    මෙම අවස්ථාවට අතිපූජ්‍ය බෙල්ලන්විල මහ නා හිමියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya