06වැනි වරටත් පැවැත්වෙන ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය නොවැම්බර් 23 සහ 24 යන දිනයන්හි ඓතිහාසික ගාලු පුරවරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත. මෙවර සම්මන්ත්‍රණය “පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාවෙන් යුතුව පැවැත්වේ. ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගාරික සම්මන්ත්‍රණය ප්‍රථම වරට 2010දී ආරම්භ විය.