නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා

    අගෝස්තු 24, 2015

    පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද දින (24) විදේශ කටයුතු අමාත්‍ය ලෙස පත් කරන ලදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දිවුරුම් දුන් එතුමා විදේශ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි විශ්වාසවන්ත හා ව්‍යවස්ථානුකූලව ඉටු කිරීමට කැපවෙන බව අවධාරණය කළේය.

    මෙම පත්වීම මහා මැතිවරණයේ ලබාගත් ද්විත්ව ජයග්‍රහණය අනුගත කරන අතර තම ඡන්ද කොට්ඨාසය වූ මාතර ආසනය එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතේ ජයග්‍රහණය කල ආසන දෙකෙන් එකක් විය. තවද මාතර දිස්ත්‍රික්කයේ එ.ජා.ප ය  ජයග්‍රහණය කර එකම ආසනය ද එයයි. එසේම 2010 තමන් ලැබූ මනාප මෙන් දෙගුණයක් මෙම මැතිවරණයේ ලබා ගැනීමටද එතුමා සමත් විය.    

     

    අමාත්‍ය සමරවීර මහතා මෙම අමාත්‍ය ධුරය දරන තෙවෙනි අවස්ථාව මෙයයි. මීට පෙරාතුව 2005 නොවැම්බර් සිට 2007 ජනවාරි දක්වා පළමු වරටත් 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා දෙවැනි වරටත් මෙම අමාත්‍යධුරය හෙබවීය.

     

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යාන්තර ප්‍රජාව විසින් ජනවාරි 08 විප්ලවයෙන් පසු අප වෙත ලබා දුන් අතිවිශාල කීර්ති නාමය මහත් උනන්දුවෙන් තව තවත් ගොඩනගන බවය. තවද ජාත්‍යන්තර සබදතා ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන පසුබිම මෙවර මහා මැතිවරණයේ ජනතාව විසින් ලබා දුන් තීරණාත්මක ජනවරමෙන් පැහැදිලි වන බවත් අවධාරණය කළේය.

     

    වෙළද, සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය කේන්ද්‍ර කරගත් රාජ්‍ය තාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු ප්‍රතිපත්තියට හදුන්වාදෙන බව හෙතෙම පැවසීය. තවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදු කල යුතු බවට අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya