යම්කිසි දේශපාලන පක්ෂයක රැස්වීමක් පැවැත්වීමේදී රාත්‍රී 10.00 වන තෙක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ විධිමත් අවසරය ලැබී ඇත්නම් එකී දේශපාලන පක්ෂ රැස්වීම රාත්‍රී 10.00 තෙක් පැවැත්වීමට කිසිදු බාධාවක් නැති වුවත් රැස්වීම් භූමියෙන් පිටතට ශබ්දය විකාශය නොවන සේ හඩ තීව්‍රතාව පාලනය කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා දන්වා සිටි.
එසේ වුවත් ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක නිවාස මධ්‍යයේ පිහිටි කුඩා භූමියක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් පවත්වන රැස්වීවලදී ශබ්ද විකාශන බලපත්‍රවල කාලය සීමා කරනු ලැබේ.
දේශපාලන පක්ෂ රැස්වීම් පැවැත්වීමේදී නීතියෙන් බලය ලැබී ඇති කාලය තුළ ශබ්දය රැස්වීම් භූමියෙන් පිටතට නොයන සේ අඩු තීව්‍රතාවයෙන් යුතු සංගීතය සමඟ ගීතයක් හෝ ගීත කිහිපයක් පමණක් ගායනය කිරීම තහනම් කර නැත.
එසේ වුව ද සංගීත සංදර්ශන සඳහා බලපත්‍ර ලබාගෙන එමඟින් දේශපාලන ප්‍රචාරක කටයුතු කිරීමට කරන ප්‍රයන්ත වැළැක්වීමට පොලීසියට උපදෙස් දී ඇති අතර මෙම මැතිවරණ කාලසීමාව තුළ පවත්වන සංගීත සංදර්ශනවලදී ද අදාළ භූමියෙන් පිටතට ශබ්දය විකාශය වීමට ඉඩ නොදෙන ලෙස පොලීසියට උපදෙස් දී තිබෙන බව ද කොමසාරිස්වරයා දන්වා සිටි.
දේශපාලන රැස්වීම් රාත්‍රී 8.00න් පසු පැවැත්විය යුතු ද යන්න පිළිබඳව කරන විමසීම්වලට පිළිතුරු වශයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ලබන 15,16,17 දිනයන් හි කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුතු තහනම් කර තිබෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
kpm