නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ රාජකාරියට 7000කට අධික පොලිස් නිලධාරීන් සීරුවෙන් Featured

    අගෝස්තු 13, 2015

    අගෝස්තු 17 වන දින පැවැත්වෙන 2015 පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාවේ ආරක්ෂාව සැපයීම සඳහා 70,000කට අධික පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

     

    ඒ මහතා පැවසූ පරිදි, මැතිවරණ දිනයේ දී ආරක්ෂාව සඳහා දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 70,549ක් රාජකාරියේ යොදවනු ඇත. මීට අමතරව, විශේෂ කාර්ය බළකායේ (එස්.ටී.එෆ්.) නිලධාරීන් 4,825ක් ද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සැපයීම සඳහාත් මාර්ග බාධක සහ ජංගම පොලිස් ඒකක සඳහාත් රාජකාරියේ යොදවා ඇත.

     

    ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 12,399ට එක් එක් මධ්‍යස්ථානය සඳහා ද ජංගම පොලිස් ඒකක 2,885ට එක් එක් ඒකකය සඳහා ද පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් රාජකාරියේ යොදවා ඇත.

     

    මීට අමතරව, සාමය ආරක්ෂා කිරීම සඳහා රටේ බොහෝ ප්‍රදේශවලට කැරලි මර්දන පොලිස් කණ්ඩායම් 161ක් අනුයුක්ත කර ඇත. මේ අතර, අතිරේක ආරක්ෂාව සඳහා මාර්ග බාධක 221ක්ද නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇත.

     

    මැතිවරණ රාජකාරියට යොදවා ඇති සියලුම පොලිස් නිලධාරීන් අගෝස්තු 16 වෙනි දින සේවයට වාර්තා කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya