නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී ලංකාවට Featured

    අගෝස්තු 13, 2015
    2015 - මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී හිටපු මෝල්ටා ජනාධිපති ආචාර්ය ජෝර්ජ් ඇබේලා (Dr George Abela) මහතා මේ වන විට දිවයිනට පැමිණ ඇත.
    ශ්‍රී ලංකා මැතිවරණ කාර්යාලය විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතාට කරන ලද ආරාධනාවකට අනුව මෙම මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම මෙරටට එවා ඇත. මේ පිළිබඳ ව ප්‍රකාශයක් නිකුත් කළ කමලේෂ් ෂර්මා මහතා ශ්‍රී ලංකාවේ මීට පෙර පවත්වන ලද මැතිවරණවලදි මෙන්ම මෙවර පවත්වනු ලබන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමක් එවීමට කරන ලද ආරාධනය පිළිබඳ ව තමා සතුටට පත්වන බව පවසා ඇත. එසේම ඉදිරි කාලය තුළදී ද ශ්‍රී ලංකාවේ පවත්නා සම්ප්‍රධායන් හා මැතිවරණ නීති රීති ආරක්‍ෂා කර ගනිමින් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරනු ඇති බව තම අපේක්‍ෂාව බවද ෂර්මා මහතා මෙමගින් අවධාරණය කර ඇත.
    මැතිවරණය අවසානයේ දී මෙම නිරීක්ෂක කණ්ඩායම විසින් එහි වාර්ථා එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා, මැතිවරණ කොමසාරිස් කාර්යාලය, දේෂපාලන පක්ෂවලට හා සියලු ම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වෙත ලබාදීමට නියමිතය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya