යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ක්‍රමවත්ව සිදුවේදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඊයේ (09) පස්වරුවේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට වහා ප්‍රගති වාර්තාවක් ලබා දෙන්නැයි උපදෙස් දී ඇත.
ඒ අනුව මේ වනවිට සමස්ත දිවයින පුරාම වී මිල දී ගැනීමේ මධ්‍යස්ථාන 137ක් පිහිටුවා ඇති අතර ගබඩා 77කට වී තොග ලැබෙමින් පවතින බව වී අලෙවි මණ්ඩලය අවධාරනය කරයි.
තවද වී මිල දී ගැනීමේ කටයුතු සම්බන්ධිකරණය කිරීම සඳහා ප්‍රාදේශීය කළමණාකරුවන් 05ක් සම්බන්ධිකරණ නිලධාරීන් වශයෙන් පත් කර ඇත.
ඒ අනුව,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ, නිකවැරටිය, ගල්ගමුව, මා එලිය සහ මාතලේ රත්තොට ගබඩා සම්බන්ධිකරණ නිලධාරී එන්.ජී.සී. නිශ්ශංක මහතා - 037 2260628, 071 8450226
ත්‍රිකුණාමලය කල්ලාරු හා ගෝමරන්කඩවල ගබඩා සම්බන්ධිකරණ නිලධාරී ඩබ්. එම්. එන්. ආර් වීරසේකර මහතා - 026 2226691, 077 3913166
අම්පාර දිස්ත්‍රික්කයේ රජගලතැන්න, මල්වත්ත හා පරගහකැලේ සම්බන්ධිකරණ නිලධාරී ආර්. එම්. රත්නායක මහතා - 063 2224870, 077 7771509
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහදාව, මොණරාගල, හුලංදාව, වැල්ලවාය, අලුත්වැව හා රත්නපුර නවනගරය මොරකැටිය කුට්ටිගල ගබඩා සම්බන්ධිකරණ නිලධාරී ඩබ්. ඕ. තිලකරත්න - 047 2225514, 071 4437431
කිළිනොච්චිය කන්ඩාවේලි, වඩ්ඩකච්චි, වව්නියාව දිස්ත්‍රික්කයේ වෙප්පකුලම්, ඕමන්තේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවේලි ගබඩා සම්බන්ධිකරණ නිලධාරී එන්. එස්. සේනානායක - 021 2060913, 071 8072516
යන දුරකතන අංක හරහා ප්‍රාදේශීය සම්බන්ධිකරණ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් කිසියම් ගැටලුවක් ඇත්නම් විසඳා ගත හැකිය.
මෙවර යල කන්නයේ දී වී මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6,000කි. මේ වනවිට අදාළ මුදල් සියල්ලම මහා භාණ්ඩාගාරය විසින් මුදා හැර තිබේ.
SDF