මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 යල කන්නය තුළ වී මිල දී ගැනීමට අනුමැතිය Featured

    ජූලි 18, 2015
    2015 යල කන්නයේදීද ‘කීරි සම්බා’ සහ ‘සම්බා’ වර්ගවල වී සඳහා කිලෝවක් රුපියල් 50/- බැගින් ද ,නාඩු වර්ගයේ වී කිලෝවක් රුපියල් 45/- බැගින්ද මිලදී ගැනීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
     
    2015 යල කන්නය තුළ වී අලෙවි මණ්ඩලය විසින් සෘජුවම ගොවි ජනතාවගෙන් වී මිල දී ගැනීමට අපේක්ෂිත අතර ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය අදාළ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් හා ග්‍රාමීය මට්ටමේ නිලධාරින් විසින් කරනු ඇත. 
     
    එසේම, ඉහත සඳහන් 2015 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන නියමිත පරිදි සිදු කෙරෙන බවට තහවුරු කරගැනීම සඳහා සහ එකී වැඩසටහන අධීක්ෂණය කිරීම පිණිස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම ද සිදු වේ.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya