ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ මහතා විසින් නව නාවික හමුදා ප්‍රධානී පිළිගත් අතර ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙබළුන් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදී.
පැවති කෙටි පිළිසඳරේ දී නව නාවික හමුදාපති සහ යුද හමුදාපතිතුමන් පොදු කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර, මෙම අවස්ථාව සිහිගන්වමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. අනතුරුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තැබීමට අමතක නොකළහ.
NDH/army.lk