ශ්රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 26 දෙනෙකු පසුගිය 20 වැනි දා අත්අඩංගුවට ගෙන තිබේ. පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්රදේශයේ දී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි නීතිමය පියවර ගැනීම සඳහා ධීවර යාත්රා තුනක සිටි මෙම ධීවරයින් කන්කසන්තුර වරාය වෙත ගෙනවිත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී තිබේ. kpm