නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු නුඩ්ල්ස් වර්ග සාම්පල, පරික්ෂාව සඳහා කාර්මික තාක්ෂණික ආයතනයේ රසායනාගාරයට

    ජූනි 22, 2015
    වර්තමානයේ අප රටේ දරුවන් අතර ජනප‍්‍රිය ආහාරයක් වන  මැගි නුඩ්ල්ස් ඇතුළු  දැනට අප රටේ වෙළෙඳපොලේ අලෙවි කරන සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල වහාම ක‍්‍රියාත්මක වන පරිදි පරික්ෂාවට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආහාර බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. 
     
    පසුගිය සතියේ ඉන්දියානු රජය විසින් මැගි නුඩ්ල්ස් එරට භාවිතය අත්හිටුවීමට පියවර ගන්නා ලද්දේ එමගින් විවිධ රෝග වැළඳීමට ඇති ඉඩකඩ පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම එහි අඩංගුවන රසකාරකවල ඊයම් මට්ටම මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස හා අනාරක්ෂිත මට්ටමකට ඇති බව පරික්ෂණවලින් අනාවරණය කර ගන්නා ලදී.
     
    මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් ශ‍්‍රී ලංකාවේ ආහාර බලධාරියා වශයෙන් මැගි නුඩ්ල්ස් ඇතුළු සියලු නුඩ්ල්ස් වර්ගවල සාම්පල පරීක්ෂා කිරිමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
     
    මේ අනුව මේ වනවිටත් මැගි නුඩ්ල්ස් සාම්පල රසායනික පර්යේෂණ සඳහා කාර්මික තාක්ෂණික ආයතනයේ රසායනාගාරය වෙත යවා තිබේ. සෙසු නුඩ්ල්ස් සාම්පල වහාම ලබා ගැනීමට තිරණය කර ඇති අතර, ඒවා ද ඉදිරි දිනවල අදාල පර්යේෂණ සඳහා යැවීමට කටයුතු යොදා ඇත.
     
    කෙසේ වුවද කාර්මික තාක්ෂණික ආයතනයේ වාර්තාව ලැබීමෙන් පසු එම නිර්දේශ අනුව මිනිස් සිරුරට හානිදායක මට්ටමින් යම් රසායනික ද්‍රව්‍ය එම නුඩ්ල්ස් සාම්පලවල පවතින බව සනාථ වුවහොත්  එම නිෂ්පාදන වහාම අප රටේ භාවිතය තහනම් කිරිමට කටයුතු යොදන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya