මෙම හමුවේදී වත්මන් රජය යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය සේවාවන් පිළිබඳවත්, ඩෙංගු මදුරු මර්දනය සඳහා ශ‍්‍රී ලංකාව ගන්නා ලද ක‍්‍රියාමාර්ග පිළිබඳවත් සුහද පිළිසඳරක නිරත විය.
මෙහිදී ශ‍්‍රී ලංකා පාකිස්තානු මහ කොමසාරිස්වරයා මෙරට ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මහත් ඇගයීමට ලක් කළ අතර ඩෙංගු මදුරු මර්දනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ නව රජය විසින් ගන්නා ලද ක‍්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ක‍්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද සිය අවධානය යොමු කරන ලදී. මදුරු මර්දන වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳව ද ඒ මහතා විසින් අදහස් විමසන ලදී.
මෙහිදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මේ වනවිට ඩෙංගු රෝගීන්ට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් වඩාත් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවත් ඩෙංගු රෝගීන් වෙනුවෙන් වෙනම ප‍්‍රතිකාර ඒකක රෝහල් තුළ ස්ථාපිත කර කඩිනම් ප‍්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන බවත්ය. මදුරු මර්දන වැඩසටහන් ද සාර්ථකව ක‍්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය. මෙරට රජයේ රෝහල්වල භෞතික සම්පත් වැඩිදියුණු කිරීම තුළින් මීටත් වඩා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට හැකි වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයන් සඳහා සුදුසු වතාවරණයක් පවතින බැවින් මෙරට ඖෂධ නිෂ්පාදනාගාර ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳව ද ප්‍රකාශ කළේය.
ඉදිරියේ දී දෙරට අතර මිත‍්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සෞඛ්‍ය සේවාවන් මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පවත්වා ගැනීම කෙරෙහි තමා දැඩි අවධානය යොමු කරන බව ද මෙහිදී පකිස්තානු මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් අවධානය කළේය.
NDH