රණ විරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සහයෝගය දක්වනු ලැබීය.
මෙම අවස්ථාවෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා සහභාගි විය.
දේශය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් සිහිකරමින් විනාඩියක පමණ නිහඩතාවයකින් පසුව පලිහක්කාර මහතා රණ විරු ස්මාරකය අභියස මල් කලඹක් තබා ආචාර දැක්වීය. රණ විරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆෝසේකා මහත්මිය, යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රණ විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
NDH/army.lk