නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

    ජූනි 17, 2015
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වන ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් ගගන් පුලස්ති බුලත්සිංහල මහතා ඊයේ (16) පෙරවරු 10.30 යෙදුණු සුබ මොහොතින් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී වැඩ භාරගත්තේය.
     
    මේ සඳහා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ම සහභාගී වු අතර නව ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් විශේෂ ආචාර පෙළපාලියක් ද පවත්වන ලදී.
     
    එසේම හිටපු ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් සම්ප්‍රධායානුකූලව නව ගුවන් හමුදාපතිවරයාට යශ්ටිය බාරදීමද මෙහිදී සිදු කෙරින.
     
    ඉන් අනතුරුව අදහස් දැක්වූ නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් පුලස්ති බුලත්සිංහල මහතා ජාතික ආරක්ෂාව සඳහා මුල් තැනක් දෙන අතරම පවත්වා ගෙන යනු ලබන ජාතික සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට තමන් කැපවන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පහළොස්වැනි ගුවන් හමුදාපති වශයෙන් තමන්ට මෙම තනතුර හෙබවීමට ලැබීම ඉමහත් ගෞරවයක් හා භාග්‍යයක් කොට සලකන බවත් එම තනතුර තමා හට ප්‍රදානය කරමින් ජනාධිපතිවරයා තමා වෙත තැබූ විශ්වාසයට ඔහුගේ හෘදයාංගම ස්තුතිය පළ කරන බවත් පවසා සිටියේය.
     
    එසේම පසුගිය වසර 30 කාලය තුළ දී කුරිරු ත්‍රස්තවාදී උවදුර තුරන් කිරීම සඳහා පැවැති සටනේදී මිය ගිය, ලේ, මස්, හිස් පුද කළ තුවාල ලද නිලධාරීන්, සෙසු නිලයන්, හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තමන් මේ මොහොතේ කෘතඥතා පුර්වකව සිහිපත් කරනබව පැවසු නව හමුදාපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සියලු ම දෙනා දැඩි කැපවීමෙන් හා කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අවධාරනය කර සිටියේය.
     
    මෙම අවස්ථාවට ගගන් බුලත්සිංහල මහතාගේ බිරිඳ, පුතා සහ දියණිය ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya