නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණයට කමිටුවක් නැහැ - ස්වදේශ කටයුතු ඇමැති

    ජූනි 17, 2015

    ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩලය කමිටුවක් පත් කර ඇති බවට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ කර ඇති ප්‍රකාශය සත්‍ය විකෘති කිරීමක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.

    අභයතිස්ස හිමියන් පසුගියදා (15) පැවති මාධ්‍ය හමුවකදී මෙවැනි ප්‍රකාශයක් කළ බවට මාධ්‍ය වාර්තා කර තිබිණ.

    ජාතික කොඩියේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිස ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම අමාත්‍යංශය කරුණු පැහැදිලි කර තිබියදීත් මැදගොඩ අභයතිස්ස හිමියන් සිදු කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැඩි කණගාටුව පල කළ කර සිටි.

    ජාතික කොඩිය සැරසිල්ලක් ලෙසින් යොදා ගන්නා බැවින් ඊට සිදුවන අගෞරවය සලකා සැරසිලි කොඩියක් නිර්මාණය කිරීමට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබිණ.

    ජාතික කොඩිය උත්සව සැරසිල්ලක් ලෙස ප්‍රදර්ශනය කිරීම 1986 වසරේ දී සකස් කළ රීති මාලාව උල්ලංඝණය කිරීමක් ද වේ. එබැවින් සැරසිලි කොඩියක් නිර්මාණය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණ ද අමාත්‍ය මණ්ඩලය එය අනුමත කළේ නැත. ඒ වෙනුවට විකල්පයක් යෝජනා විය. එනම් සැරසිලි සඳහා කොඩියක් යොදා ගන්නේ නම් ඒ සඳහා ජාතික කොඩිය හැර, අදාළ උත්සව අවස්ථාවට ගැළපෙන නිදසුනක් ලෙස ක්‍රීඩා උත්සවයේදී ක්‍රීඩා ධජයලින් සැරසිරි කිරීම පෙන්වා දිය හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එබැවින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය කරුණු විකෘති කිරීමක් වන බව අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා වැඩදුරටත් අවධාරණය කර සිටි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya