නාවික හමුදා මූලස්ථානයට පැමිණි පකිස්තානු යුද හමුදාපතිතුමා වෙත නාවික හමුදා ගෞරවාචාරයක් පිරිනමා ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගැනීමෙන් අනතුරුව ශ්රී ලංකා නාවික හමුදාපතිතුමා හා පකිස්තානු හමුදාපතිතුමා අතර ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරටටම වැදගත්වන ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.
අනතුරුව මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා දෙදෙනා අතර සිහිවටන තිළිණ හුවමාරුවක්ද සිදු විය.
ශ්රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිශාන්ත ද සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව පකිස්තානු හමුදාපතිවරයා විසින් මෙම පස්දින නිල සංචාරය සඳහා ශ්රී ලංකාවට පැමිණෙන ලදී.
NDH/mod