අජිත් පී. පෙරේරා මහතා පසුගිය සතියේ රුසියාවේ පැවති සමුළුවකට සහභාගී වූ අවස්ථාවේ දී මෙම ආරාධනය සිදු කර ඇත.
ලැව්රොව් මහතාගේ සංචාරය අතරතුර දෙරට අතර ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ නව රුසියානු තානාපති කාර්යාලය විවෘත කිරීම ද මෙම සංචාරයේ දී ලැව්රොව් මහතා අතින් සිදු කිරීමට නියමිතය.
සිංහල භාෂාව කථා කිරිමට දක්ෂයෙකු වන රුසියානු විදේශ ඇමති ලැව්රොව් මහතා, එවකට සෝවියට් සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස 1972 සිට 1976 සිට ක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සේවය කර තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආරාධනයකට අනුව ඔහු 2009 ඔක්තෝබර් මාසයේ දී ද දිවයිනේ සංචාරයක නිරත විය.
SDF