නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තාන හමුදා ප්‍රධානී හා ශ්‍රී ලංකා හමුදාපති අතර හමුවක්

    ජූනි 07, 2015
    ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර, මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් ඊයේ  (06) යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා  යුද හමුදා මුලස්ථානයේ දී හමුවිය.
      
     
    ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පකිස්තාන හමුදා ප්‍රධානී වෙත වර්ණවත් සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමා මහත් හරසරින් පිළිගන්නා ලදී.
     
    අනතුරුව, හමුදාපති ලේකම් කාර්යාලය අභියස දී යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් පකිස්තාන හමුදා ප්‍රධානි හට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් මහින්ද අඹන්පොල ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දෙන ලදි.
     
    මෙහිදි යුද හමුදාපති සහ පකිස්තාන හමුදා ප්‍රධානි විසින් දෙරටේ හමුදාව සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳව ද සාකච්ජා කළ අතර, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කළේය. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා ස්වේච්ජා බලසේනා ආඥාපති මෙන්ම අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. 
     
    ජෙනරාල් රහීල් ෂරීෆ් විසින් විශේෂ අමුත්තන්ගේ පොතෙහි ද අත්සන් කළ අතර, හමුදා ප්‍රධානීන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya