නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිද්ධස්ථාන බෝධි පූජා නාමයෙන් දේශපාලනීකරණයට ලක් කරන්න එපා Featured

    ජූනි 04, 2015
    සිද්ධස්ථාන බෝධි පූජා නාමයෙන් දේශපාලනීකරණයට ලක් කිරීමත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පරාජිත දේශපාලඥයන් බෞද්ධ සිද්ධස්ථාන යොදා ගැනීමත් කණගාටුදායක තත්ත්වයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
    සාමය, සහජීවනය වෙනුවට වෛරය, ක්‍රෝධය වපුරන මධ්‍යස්ථාන බවට මේ පොදු සිද්ධස්ථාන පත් කර බංකොලොත් කරන අයුරු පෙනෙනවා. තම දේශපාලන පටු අරමුණු වෙනුවෙන් සිද්ධස්ථාන වේදිකා බවට පත් කර ගන්න එපා. කිසිදු දේශපාලඥයෙකුගේ තම පටු අරමුණු ඉටුකර ගන්නා ස්ථාන ලෙස ආගමික සිද්ධස්ථාන යොදා ගැනීමට ඉඩනොදෙන ලෙස මහා සංඝරත්නයෙන් හා අනෙකුත් ගෞරවනීය ආගමික නායකයන්ගෙන් මේ ගෙවෙමින් තිබෙන පොසොන් සතිය වෙනුවෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කීය.
     
    පන්සල්වල උපාසක පිරිස වෙනුවෙන් සිල් රෙදි බෙදුවාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ආණ්ඩුවේ සල්ලිවලින් මැතිවරණ කාලයේ තමන්ගේ නම් ගහගෙන ඒවා කරන එක ගැටලුවක්. මොන දේ කළත් මේ රටේ ජනතාව අවුස්සන්න කිසිවෙකුටත් අවස්ථාවක් නැති බව අප කියනවා යැයි ද ඔහු පැවසීය.
     
    දකුණු පළාත් සභාවේ ඇමතිවරයෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැන පසුගියදා කරන ලද ප්‍රකාශය ගැන කතා කළ අමාත්‍යවරයා, මේ කළ තර්ජන පොලිසිය මෙන් ම සමස්ත රාජ්‍ය සේවකයන්ට ම කරන ලද තර්ජනයක් බව කී අමාත්‍යවරයා පසුගිය ජනවාරි 08දා මේ රටේ ජනතාව පලවා හැරි කැලෑ නීතිය මේ රටේ කිසිවෙකුටවත් නැවත ඇති වෙන්න දෙන්නේ නැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ද සහභාගි වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya