මෙවර ජගත් පරිසර දිනයේ සැමරුම් තේමාව වන්නේ “බිලියන 7ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරිස්සම් වෙමු“ තේමාව යටතේ යන්නය. ‘තිරසාර භාවිතය - සුරකියි මිහිතලය‘ යන තේමාව යටතේ අප රට ද අද දිනයේ පරිසර දින සැමරුම සිදු කරනු ලබයි.
ලොව වටා පරිසරය පිළිබඳ දැනුවත් කිරීම හා පරිසරය කෙරෙහි දේශපාලනික අවධානය මෙන්ම ක‍්‍රියාකාරිත්වය ලබා ගැනීම සඳහාත් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇත. වාර්ෂිකව සිදුවන මෙම සැමරුම අරමුණු කරනුයේ ලෝකය පුරා සිදුකරනු ලබන ඉහළම සාධානීය පාරිසරික ක‍්‍රියාකාරකම්වලින් යුතු ජාත්‍යන්තර දිනය ලෙසිණි. ජුනි 05 වන දින පදනම් කරගත් ජගත් පරිසර සැමරුම් වසර පුරාම, ලෝකය පුරා වාර්ෂිකව පැවැත්වේ. මේ දිනය සියලූ දෙනාට එකට එකතු වී තමන්ට හා ඉරිදි සියලූ පරම්පරාවන්ට පිරිසිදු, හරිතවත්, දීප්තිමත් අනාගතයක් උදාකරලීම වෙනුවෙන් ගමන් කරනු ලබන දිනයක් බවට පත් කරගැනීමට මීට සමඟාමීව එක් එක් රටවල් ජාතික වශයෙන් ද පරිසර වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරනු ලබයි.
SDF