“බිලියන 7ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරිස්සම් වෙමු“ තේමාව යටතේ පැවැත්වෙන මෙවර පරිසර දින වැඩසටහනේ දේශන මාලවේ ප්‍රධාන දේශනය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පවත්වනු ලැබේ. අමාත්‍ය රාජිත සේනාරත්න හා කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ද මෙහිදී දේශන පවත්වනු ඇත.
පරිසර රජ්‍ය අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් පාරසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
හෙට පෙ.ව. 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා උත්සවයේ සමාරම්භක උළෙල පැවැත්වෙන අතර එම අවස්ථාවේ දී පාරිසරික ප්‍රදර්ශනය ද විවෘත කෙරේ.
SDF