අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරනු ලබයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලාංකේය ළමා පරපුර සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත සමාජ වටපිටාවක් උරුම කර දීමේ මෙහෙවරෙහි නිරතව සිටියි.
‘ළමා ශ්‍රමිකත්වය පිටුදකිමු, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමු !‘ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට සමඟාමීව ළමා ශ්‍රමිකත්වය පිටුදැකීම පිළිබඳව දැනුවත් කිරීමේ පා ගමනක් ද සංවිධානය කර ඇත. එම පා ගමන එදින (ජුනි මස 08) පෙරවරු 08.00ට නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත ගමන් කරනු ලැබේ. පා ගමනින් අනතුරුව සැමරුම් උත්සවය සහ දැනුවත් කිරීමේ වැඩසටහන පෙරවරු 09.30 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
සැමරුම් උත්සවයේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන දේශනය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් පවත්වනු ලැබේ.
ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය හා ජාතික උත්සවයට සමඟාමීව ‘ළමා ශ්‍රමිකත්වය පිටුදකිමු, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමු !‘ යන තේමාව යටතේ සමස්ත ලංකා මට්ටමෙන් පාසල් සිසුවියන් අතර පැවැත්වූ ගද්‍ය රචනා තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන සහතික පත් සහ ත්‍යාග ප්‍රදානය ද සැමරුම් උත්සවයේ දී සිදු කිරීමට නියමිතය.