ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පසුගියදා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා හමුවිය. එහිදි ඔවුන් මෙම බල ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ජා කළ අතර, මෙම සංචාරය සිහිගැන්වීම පිණිස ජේම්ස් ඩවුරිස් මහතා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද අත්සන් තබන ලදී. NDH